Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙල් ගවේෂණ නෞකාවක් හම්බන්තොට වරායට  

Add comments

‘අබාන් ආබ්‍රහම්’ නැමැති පෙලිකන් කාණ්ඩයේ තෙල් ගවේෂණ නෞකාව ආම්පන්න සැකසුම් කිරීමක් සඳහා හම්බන්තොට වරායට පැමිණියේ දෙසැම්බර් මස මුල් භාගයේය. මීටර් 219ක් දිගැති නෞකාව, පසු ගවේෂණ වැඩසටහනකට සූදානම් වීම සඳහා ආම්පන්න සැකසුම් කර අළුත්වැඩියා කිරීමට, මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇත.

මෙම නෞකාව, සම්පූර්ණ කාර්ය මණ්ඩලය සමඟ පැමිණියද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නැව අයත් ධජයේ රෙගුලාසිවලට අනුව මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ නැවෙහි රැඳී සිටින්නේ අවම කාර්ය මණ්ඩලයක් පමණි. එමෙන්ම මෙම මෙහෙයුම් සිදු කරනු ලබන්නේ නෞකාවේ ලාංකික නියෝජිතයින් වන හේලිස් එනර්ජි සමාගමේ නාවික අංශය වන මැරිටයිම් ඒජන්සිස් පුද්ගලික සමාගමේ අධීක්ෂණය යටතේය.

ලොව සුපතළ වරාය ක්‍රියාකරුවෙකු වන සී.එම්.පොර්ට් හි අනුබද්ධිත ආයතනයක් වන HIPG සමාගම විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකරණය භාර ගනු ලැබුවේ 2017 දෙසැම්බර් මාසයේදීය. එදා පටන් මේ වන තෙක් සන්ධිස්ථාන රැසක් තබා ඇති වරායට, ගවේෂණ නෞකාවේ පැමිණීම, තවත් විශේෂ අවස්ථාවකි. HIPG සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පවසන පරිදි, මෙවැනි සේවාවන්, සපයන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, තම මව් සමාගම වන සී.එම් පොර්ට් ආයතනයේ උපදෙස් සහ විශේෂඥ දැනුම ලබා ගැනීමට හැකී වීම ඉතාම වාසිදායක විය. “සී එම්. පොර්ට් සමාගමේ නාවික ජාලයට ඇති ප්‍රවේශය අපට ඉමහත් උපකාරයක් වූ අතර මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලැබූ සහයද අගය කරමි” යැයි ඔහු පැවසූවේය.

ගවේෂණ නෞකාව වරායට ගෙන්වා ගැනීම සඳහා HIPG සමාගමේ වාණිජ හා වෙළෙඳ අංශයන්හි කාර්ය මණ්ඩලය විසින් සිදු කළ විශිෂ්ඨ සේවය, වික්‍රමසිංහ අතිශයින් අගය කළ අතර, මෙම ගනුදෙනුව සිදු කර ඇත්තේ ඉතාමත් තරඟකාරී වෙළෙඳපොලක බවද වැඩිදුරටත් සඳහන් කළේය. ” වඩාත් ප්‍රසිද්ධ ඉල්ලුමක් ඇති වරායන් කිහිපයක් මධ්‍යයේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම අප විසින් ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරන බවට කදිම සාක්ෂියකි. අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ විශිෂ්ඨ සේවාවන්හි ප්‍රථිපලයක් ලෙස මේ වන විට හම්බන්තොට ජාත්‍යන්තර වරාය බහුකාර්ය වරායක් ලෙස ස්ථාපිත වී ඇත,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික නාවික ක්‍රියාකාරකම් වලින් බැහැරව, විවිධාංගීකරණය තුළින් ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම උපරීම තත්වයකට ගෙන ඒමට වරාය දරා ඇති ප්‍රයන්තය මෙරට නාවික අංශයේ අවධානයට ලක් වී ඇති බවද,විවිධ සමුද්‍රීය ව්‍යාපාර දිරිගැන්වීම සඳහා අමතර සේවාවන් රැසක්, හඳුන්වාදීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සුදානමින් සිටින බව නාවික ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු වන වික්‍රමසිංහ මහතා පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG