Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරුදන්වීම්වලට අදාළ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලීසිය අධිකරණයට දන්වයි  

Add comments

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනෙකු අතුරුදන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලීසිය අධිකරණයට අද දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීමකට අනුවයි.රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලබාදීමට නාවික හමුදා නිලධාරියෙකු සූදානම්ව සිටින බවයි. අදාළ ප්‍රකාශය නිල මැදිරියේදී සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මේ අතර 2010 වසර සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පිළිබද නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දුන්නා. මෙම නඩුව පිළිබද සාක්ෂි විමසීම මීට පෙර අවසන් කෙරුණා. ඒ අනුව පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන් නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කළා. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG