
මාවනැල්ල ප‍්‍රදේශයේ දී බුදු පිළිම කිහිපයකට අලාභ හානි කළ හත්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 16 වනදා දක්වා.
සැකකරුවන් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. පළාගොස් සිටින ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක‍්‍රියාත්මක බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාවනැල්ල සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා කියා සිටියා.
Post a Comment