Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ  

Add comments

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ලද කොමාණ්ඩර් (අවි) දිනේෂ් බණ්ඩාර මහතා නව පත්වීම් ලැබ මාරුවී යාම හේතුවෙන්, ජනවාරි 01 දින සිට නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත් කොට ඇත.

ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර, 2006 වසරේ දී 45 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනීමට අයත් විධායක අංශයේ නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක් වී ඇත. 2008 වසරේ අධිකාරියට පත් වූ ඔහු, එතැන් සිට වසර 12 කට අධික කාලයක් විවිධ තනතුරු හොබවා තිබේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමිකර ගෙන ඇති අතර, ඉන්දියාවේ ගරුඩා නාවික ගුවන් පුහුණු ආයතනයේ නාවික ගුවන් නිරීක්ෂණය පිළිබඳ පාඨමාලාවත්, ඉන්දියාවේ වෙන්ඩුරුතී නාවික පුහුණු ආයතනයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවත්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී කණිෂ්ඨ නාවික අණ සහ මාණ්ඩලික පාඨමාලාවත් සාර්ථකව නිම කොට ඇත.

තවද, ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික යාත්‍රා නිලධාරි පාඨමාලාව සහ අන්තර්ජාතික විපත් පාලනය සහ අණ දීම යන පාඨමාලාවන් සාර්ථකව නිම කොට ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමට ප්‍රථම නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි විදේශ සබඳතා ලෙස රාජකාරි කරන ලදී. ඊට අමතරව නෞකාවන්හි විධායක නිලධාරි මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රාවන්හි අණභාර නිලධාරි ලෙස ද රාජකාරී කොට ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG