
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සඳහා රුපියල් ලක්ෂ 550 ක වියදමින් කැබ් රථ බෙදාදීම සිදුකෙරුණා.
උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවාවන් කඩිනම් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට කැබ් රථ 4 ක් , පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට කැබ් රථයක් සහ වෑන් රථයක් ලබාදුන්නා. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment