
බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ජායිර් බොල්සොනාරෝ දිවුරුම් දුන්නා.
ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් ඔහු සදහන් කළේ බ්‍රසීලය පුරා පවතින දූෂණ සහ අපරාධ රැල්ල කඩිනමින් මැඩපැවැත්වීම සදහා කටයුතු කරන බවයි. එරට 38 වන ජනාධිපතිවරයා ලෙස බොල්සොනාරෝ ඉදිරි වසර 4 ක කාලය සදහා බ්‍රසීලයේ ජනපති ධුරය හොබවනු ඇති. ලතින් ඇමෙරිකාවේ දැවැන්තම රාජ්‍යය වන බ්‍රසීලයේ දූෂණ, වංචා සහ අපරාධවලට වැට බදිමින් රට මේ වනවිට පත්ව තිබෙන දරුණු ආර්ථික පරිහානියෙන් ගොඩගැනීමට කටයුතු කරන බව බොල්සොනාරෝ වැඩිදුරටත් කියාසිටියා.
Post a Comment