
තවත් හෙද හෙදියන් එක්දහස් හයසිය අට දෙනෙකු සෞඛ්‍ය සේවාවට එක්වීමට නියමිතයි.
සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් හතලිස් දහස් අසූනව දෙනෙකු අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. එහෙත් දැනට සිටිනුයේ හෙද හෙදියන් තිස් පන්දහස් එකසිය තිස් හය දෙනෙකු පමණයි. මේ අනුව පන්දහසකට ආසන්න හෙද හිගයක් දැනට පවතිනවා.
මේ වන විට නව දහසකට ආසන්න හෙද සිසුන් පිරිසක් හෙද විදුහල්වල අධ්‍යාපනය ලබමින් සිටිනවා. 2007 , 2008 අධ්‍යයන වර්ෂය සදහා හෙද සිසුන් බදවා ගැනීම සදහා වූ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ දී අවසන් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙවර හෙද සිසුන් බදවා ගැනීම සදහා ඔන් ලයින් ක්‍රමයට අයදුම්පත් කැදවීම විශේෂත්වයක්. හෙද හෙදියන් එක්දහස් හයසිට අට දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට(31) පැවැත්වීමට නියමිතයි.
Post a Comment