Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගත කිරිමට පියවර  

Add comments

ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඇතිවී තිබෙන ගැටළුකාරි තත්වයන් හේතුකොටගෙන තිබීම නිසා එය යථා තත්වයට පත්කිරිම සඳහා වර්තමාන කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා එම මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගත කිරිමට තීරණය කර ඇත.

 විශේෂයෙන් ආර්ථික මධ්‍යස්ථානය මඟින් ගොවියාගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනිම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලකට උසස් තත්වයේ කෘෂි නිෂ්පාදන මිලදි ගැනිම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කලද ඇතම් මධ්‍යස්ථාන මඟින් එම කාර්යය ඉටු නොවන බවද මෙහිදි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එබැවින්  ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් නොගෙවන ගැටළුකාරි තත්වයන් පවතින කඩහිමියන්ගේ ගිවිසුම් අහෝසි කොට  නැවත ටෙන්ඩර් කැඳවා  වෙළදුන් සඳහා ලබා දීමට මෙහිදී තීරණය කෙරිනි.

මෙම සාකච්ඡාව සඳහා  අධීකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,  රත්නපුර දිස්ත්‍රික් ලේකම්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, අමාත්‍යාංශය අතිරේක ලේකම් සහ ඇඹිලිපිටිය ආර්ථික මධළුස්ථාන භාරයේ සාමාජිකයන් සහභාගිවිය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG