Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි අවසානයේ  

Add comments

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුවල තීන්දුව ලබන 29 වනදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. නඩුව අද (02) කැදවූ අවස්ථාවේදී පාර්ශ්වකරුවන් සිය ලිඛිත දේශන අධිකරණයට භාරදුන්නා. එම කරුණු සලකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළේ නඩුවලට අදාල තීන්දුව ලබන 29 වනදා නිවේදනය කරන බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG