
හිම මිනිසකුගේ හැඩයට සමාන ග්‍රහවස්තුවක ඡායාරූප නාසා ආයතනය නිකුත් කර තිබෙනවා.
නාසා ආයතනය අභ්‍යවකාශ ගත කළ නිව් හොරයිසන්ස් හෙවත් නව සිතිජ පරීක්ෂණ යානයෙන් ලබා ගත් ඡයාරූප කිහිපයකුයි මෙලෙස පෘතුවිය වෙත එවා ඇත්තේ.මෙම ග්‍රහවස්තුව අල්ටිමා තුලේ ලෙසයි හදුන්වාදී ඇත්තේ. මෙම වස්තුව කිලෝමීටර් 33 ක දිගකින් යුක්ත වන අතර කොටස් දෙකකින් සමන්විත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය පෘතුවියට කිලෝමීටර් බිලියන 6.5 ක දුරකින් ගමන් කරමින් සිටින බවද සදහන්.
Post a Comment