Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුලියන්කුලමෙන් හමුවූ බෝම්බ හා ආයුධ පිළිබද පුළුල් පරික්‍ෂණ  

Add comments

පුලියන්කුලම ප්‍රදේශයෙන් හමුවූ බෝම්බ හා ආයුධ පිළිබද පුළුල් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

පුලියන්කුලම පුදූර් නාගතම්බි රාජ් කෝවිල මාර්ගයේ තිබී අවිආයුධ සොයා ගැනුණා. විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 04 ක් , මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , මිලිමීටර් 09 ජීව උණ්ඩ 18 ක් මෙහි තිබී සොයා ගැනුණා. සැකකටයුතු පුද්ගලයකු එම ප්‍රදේශයේ  සැරිසරන බවට පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම සිදු කෙරුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් ඊට සහභාගී වූ අතර සැකකරු  ඔහු ළග තිබූ බෑගයක් එම ස්ථානයේ දමා පලාගොස් තිබෙනවා.  එම බෑගයේයි  මෙම ආයුධ තිබී  ඇත්තේ. අදාළ  ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර පොලිස් නිලධාරීන් 65 දෙනෙකු සහ යුද හමුදාවේ 170 දෙනෙකු ඊට සහභාගී වී සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG