
දේශීය ගොවියා රැකගැනීමේ අරමුණෙන් ලූනු ආනයනය සීමා කිරීම සදහා පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මුංඇට, කවුපි , කුරක්කන් ආදී බෝග ආනයනය සදහා ද ඉදිරියේදී සීමා පනවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
අනුරාධපුර , නොච්චියාගම , ජයගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ පානීය ජල හිඟයට විසඳුම් ලබාදීමයි මෙහි අරමුණ. මෙමගින් ප්‍රදේශවාසීන් විශාල පිරිසකට සෙත සැලසෙනවා. ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment