Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි කුඩා බිළිදෙකු බේරා ගනී  

Add comments

රුසියාවේ කඩා වැටුණු නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටි කුඩා බිළිදෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ අංශ සමත් වුණා.

රුසියාවේ මැග්නිටෝගොර්ස්ක් නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල පසුගිය සදුදා පිපිරීමක් හේතුවෙන් කඩා වැටුණා. එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටි මාස 11 ක් වයසැති බිළිදෙකු බේරා ගැනීමට මෙහෙයුම් අංශ සමත් වුණා. කෙසේ වෙතත්  දරුවාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. දරුවාගේ මවද ගොඩනැගිල්ලේ සිර වී සිටියදී බේරා ගැණුනා. දරුවාගේ පාදයක අස්ථි බිදීමක් සහ හිසට තුවාල සිදුව ඇති බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ. ඔහු පැය තිහක කාලයක් ශීත කාලගුණයට නිරාවරණය වී ඇති බව සදහන්. පසුගියදා සිදු වූ එම අනතුරින් පුද්ගලයින් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිස්දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG