Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද  

Add comments

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

සෑම වසරක ජනවාරි 4 වනදා ළමා හිංසනයට එරෙහි ජාතික දිනය පැවැත්වෙනවා. ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩනැගීම යන පරමාර්ථ මුල්කරගනිමිනුයි එය පැවැත්වෙන්නේ. ළමයින් සියලු ආකාරයේ අපයෝජනවලින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දිනක් උරුම කර දීම සදහා සියලු පාර්ශ්ව එකට එක්ව කටයුතු කළ යුතු බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති එච් එම් අබේරත්න මහතා පවසන්නේ. දරුවන්ගේ ජීවිත යහමගට යොමු කළ හැකි ප්‍රධාන පුද්ගලයින් වන්නේ දෙමාපියන්. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේ වගකීම වන්නේ ලොව භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවධාරණය කරන්නේ.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG