Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආහාර සුරක්ෂිතතාව ඉහල නැංවීමට නවීන විද්‍යාගාරයක්  

Add comments

ආහාර සුරක්ෂිතතාව ඉහල නැංවීම සදහා නවීන පහසුකම්වලින් සමන්විත විද්‍යාගාරයක් ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා. රසායනික පොහොර සහ පළිබෝධනාශකවල යෙදුම් තත්වය සහ අතිරික්ත භාවිතය නියාමනය කිරිම මෙහි අරමුණයි. පස සහ ජලයෙහි ඇති අපවිත‍්‍රකාරක මට්ටම නියාමනය කිරිම ද තවත් අරමුණක්. වැඩපිළිවෙළ ඔස්සේ ආහාරවල ප‍්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඉහල නංවා ගැනීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

විද්‍යාගාරයේ ඉදිකිරිම සදහා වන යෝජනාව අමාත්‍ය පී හැරිසන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එයට අනුමැතිය හිමිවූ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ගොවිබිම් සදහා භාවිත කරන රසායනික පොහොර සහ පළිබෝධනාශකවල නිසි තත්ව පරික්ෂාවක් ඔස්සේ සිදුකිරිමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG