Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමාන්‍ය පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ දෙවන අදියර ලබන අඟහරුවාදා සිට  

Add comments

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයිමේ දෙවන අදියර ලබන අඟහරුවාදා (08) ආරම්භ වනවා. ජනවාරි 17 වනදා දක්වා එය ක‍්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.  මධ්‍යස්ථාන 29කදී.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හයක් මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවයි කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ. සෙසු පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි ඇගයීම් සිදුකිරිමයි අපේක්ෂාව. පිළිතුරු පත‍්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23වනදා සිට 31වනදා දක්වා පැවැත්වුණා.
මේ අතර 2019 පලමු ශ්‍රේණියේ  සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන 17 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. උපදෙස් ඇතුලත් චක‍්‍රලේඛයක් සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට මේවන විටත් නිකුත් කර තිබෙනවා. පලමු ශ්‍රේණියට තම දරුවා ඇතුලත් කිරිම සදහා පාසලක් නොලැබුණහොත් ඒ පිලිබදව පලාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG