Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ වරාය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම කල් තැබේ  

Add comments

දින 51 රජයේ වරාය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වනදා කල් තැබීමට අමාත්‍ය සාගල රත්නායක මහතා තීරණය කර තිබෙනවා.  ඒ සම්බන්ධ කමිටුවක් පත් කර  නිර්දේශ ලබා ගැනීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය ද හිමිවූ බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ සහ වරාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබාගැනීමට නියමිතයි. වරාය ගාස්තු සංශෝධනය පිළිබද තීරණය දින 51 රජයේ කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් 5 වනදායි. එහෙත් ඊට බොහෝ පාර්ශ්ව වල විරෝධය පළවූ බව අමාත්‍යවරයා පවසනවා. එම විරෝධතා සැලකිල්ලට ගනිමිනුයි අදාළ ගාස්තු සංශෝධනය මාර්තු 15 දක්වා කල් තැබීමට අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG