
බෝනොවන රෝග පාලනයට නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
ඝන, අර්ධ ඝන සහ දියර ආහාරවල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සඳහා වර්ණ සංකේතයක් භාවිතය අනිවාර්ය කිරීමයි සැලැස්ම. එය ලබන අප්‍රේල් මස පළමුවෙනිදා සිට කි‍්‍රයාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළා. වර්ණ සංකේතය අදාළ ආහාර ලේබලයේ ප‍්‍රධාන රාමුවේ ප‍්‍රදර්ශනය කළයුතුය. පැණිබීම සඳහා හදුන්වාදුන් වර්ණ සංකේතය මේ වනවිට සාර්ථකව කි‍්‍රයාවට නැංවෙනවා. ඒ ආකාරයට ජනතාව ඝන සහ අර්ධ ඝන ආහාර මිලදි ගැනීමේදීත් අවධානය යොමු කරනු ඇති බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.
Post a Comment