
පොලීසියට අපහාස ලෙස හැසිරුණු තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථ වාහන වේග සීමා පාලනය කරගැනීම සඳහා ඒ 9 පාරේ පොලිස් නිලධාරී ආකෘති කිහිපයක් රඳවා ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම ආකෘතියකට අල්ලස් ලබාදෙන ආකාරය පෙන්වමින් තරුණයන් දෙදෙනා වීඩියෝ පටයක් මුදාහැර ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. ඉන් පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය සම්බන්ධයෙන් වැරදි අදහසක් නිර්මාණය කිරීම සහ අල්ලස් ලබාදීම සඳහා ජනතාව පෙළඹවීම යන අයථා සිදුවීම් ඇති විය හැකි බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වව්නියාව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
Post a Comment