Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය පාර්සල් ප්‍රවාහන සාමාන්‍ය පරිදි  

Add comments

දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතු නිසි පරිදි සිදු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් අතර පාර්සල් ප්‍රවාහනය සම්බන්ධයෙන් හටගෙන තිබූ රාජකාරිමය මතභේදය අවසන් වීම ඊට හේතුවයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ දැනුම්දීමකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර මෙම ගැටලුව විසදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු සමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG