
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජල සම්පාදන මණ්ඩලය ජලය ලබා දෙන්නේ වෙළදපොලේ පානීය ජල බෝතල් අලෙවි කෙරෙන මිලට වඩා ඉතා අඩුමුදලකට බවද අමාත්‍යවරයා සදහන් කරනවා.
අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළේ යටිනුවර සහ හාරිස්පත්තුය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශ රැසකට ජලය සැපයෙන නව ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුවයි. මේ සදහා රුපියල් මිලියන සියයක් පමණ වැය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Post a Comment