ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු වී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ගනු ලබන නීතිමය පියවර පිළිබඳ කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.
නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා එම කරුණු වාර්තා කරන ලෙස ය අධිකරණය දැනුම් දුන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂණවලදී සීසීටීවී දර්ශන පරීක්ෂා කෙරුණා.
පැමිණිලිකාර පාර්ශ්වයට පහරදීමක් පිලිබද එම දර්ශනවලින් අනාවරණය නොවන බවයි අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
නඩුව මාර්තු මස 01 වනදා යළි කැදවීමට නියමිතයි.
Post a Comment