
වෘත්තීය පුහුණු ආයතනවලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වැඩිකිරිමට සැලසුම් කර තිබෙනවා.
මේවන විට සිසුන් ලක්ෂයක් පමණක් බදවා ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප‍්‍රකාශ කළේ. සිසුන් සංඛ්‍යාව ඉහල නැංවීම සදහා නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරිම ද සැලැස්මක්. ඊට රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග සාකච්ඡා කරමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අනාගතයට ගැලපෙන වෘත්තිකයන් බිහිකිරිම මෙහි අරමුණ බවයි කරුණාරත්න පරණවිතාන මහතා සදහන් කළේ.
Post a Comment