Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සදමත යානයක් ගොඩබැස්වූ 04 වන රට බවට පත්වීමට ඊශ්‍රායලය සූදානම්  

Add comments

සදමත යානයක් ගොඩබැස්වූ 04 වන රට බවට පත්වීමට ඊශ්‍රායලය සූදානම්. බෙරේෂීට් නමින් හැදින්වෙන මෙම යානය කිලෝග්‍රෑම් 585 ක බරින් යුක්තයි.මෙය  අභ්‍යවකාශ ගත කර ඇත්තේ ස්පේස් එක්ස් ආයතනයයි. ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන්.

මෙම යානයේ සියලුම පාලන කටයුතු ඊශ්‍රායල අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙනවා.එහි චන්ද්‍රිකා කිහිපයක් ද  ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගොඩබැස්වීම සාර්ථක වුවහොත් ඇමෙරිකාවට රුසියාවට  හා චීනයට අනතුරුව සද මත යානයක් ගොඩබැස්ව වූ 04 වන රට බවට ඊශ්‍රායලය පත්වනු ඇති.

ෆැල්කන් 09 රොකට්ටුවක ආධාරයෙන්  අභ්‍යාවකාශ ගත කර ඇති මෙම යානය එළඹෙන අප්‍රේල් 11 වනදා සදමතට ගොඩබැස්වීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG