
වවුනියාව දිස්ත්‍රික්කයේ වී ගබඩා 04 කදී රජයේ සහතික මිලට වී මිලදී ගැනීම අද ආරම්භ කෙරුණා. වවුනියාව වී මිලදී ගැනීම සදහා රජය රුපියල් කෝටි 10 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වවුනියාව දිස්ත්‍රික්කයේ මිලදී ගන්නා වී ගබඩා කිරීම සදහා පහසුකම් මේ වන විටත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව වී මෙට්‍රික් ටොන් 9000 ක් ගබඩා කිරීමට පහසුකම් පවතිනවා. චෙප්පම් කුලම් පාක් රෝඩ් මාමඩුව සහ නෙදුන්ක ප්‍රදේශවලදී වී මිලදී ගැනීම සිදු කෙරෙනවා. සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනෙනවා. එමෙන්ම වවුනියාව පම්පමඩුව ඕලන්ද සෙට්ටිකුලම මඩු කන්ද ඇතුළු වවුනියාව ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසකදී ද වී මිලදී ගැනීම සිදු කෙරෙනවා.
Post a Comment