
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද(26) පස්වරු දෙකේ සිට හෙට(27) දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි. ඇතැම් දිස්ත‍්‍රික් වලට මිලිමීටර 150ට වැඩි තද වැසි හටගන්නා බවටයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ අනූව රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්වලට වැසි තත්ත්වය තදින් බලපාන බවට අපේක්ෂා කෙරෙනවා. ඌව පළාතට සහ කොළඹ, කෑගල්ල, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලටත් මිලිමිටර් 100ක පමණ වැසි හටගත හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70ක 80ක පමණ තද සුළං සමඟ අකුණු ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Post a Comment