Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල මහ රෝහලෙන් දුර්ලභ සැත්කමක්  

Add comments

දුර්ලභ සැත්කමක් පිළිබද තොරතුරු බදුල්ල මහ රෝහලෙන් වාර්තා වනවා. රෝගියෙකුගේ වකුගඩු දෙකකම තිබූ ගල් හයක් උදරය විවෘත නොකර කුඩු කර ඉවත් කිරීම මෙම සැත්කමයි.

හතළිස් අට හැවිරිදි කාන්තාවකටයි බදුල්ල මහ රෝහලේදී මෙම සැත්කම සිදු කළේ. ඇයගේ වකුගඩු දෙකෙහිම ගල් තිබූ බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වුණා. ඇයගේ උදරය විවෘත නොකර මිලිමීටර් හතරක කැපුමකින් වකුගඩු තුළදීම එම ගල් කුඩු කර ඉවත් කිරීමේ සැත්කම් තුනක් එකවර සිදු කිරීම විශේෂත්වයක්.  මෙම දුලභ සැත්කම සිදු කළේ බදුල්ල මහ රෝහලේ මෞත්‍ර ශල්‍ය විශේෂඥ වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක්. සැත්කමින් පසු රෝගියා ඉතා සුවෙන් සිටින බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG