
ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් කලාපය උල්ලංඝණයකළ බව පාකිස්ථානය පවසනවා.
ඒ අනුව ප‍්‍රහාරක ගුවන් යානා කිහිපයක් සිය ගුවන් කලාපයට ඇතුලුවු බවයි පාකිස්ථාන හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆුර් ප‍්‍රකාශ කළේ. පසුව පාකිස්ථාන ගුවන් හමුදා යානා එම ප‍්‍රදේශයට යොමුකිරිමත් සමග ඉන්දීය යානා ඉවත්වගිය බවයි හමුදා ප‍්‍රකාශකවරයා පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව කිසිදු නිල ප‍්‍රකාශයක් සිදුකර නැහැ. කාශ්මීරයේ ඇතිවූ ගැටුමකින් ඉන්දිය හමුදා සෙබලුන් 40 දෙනෙකු මියයාමත් සමග දෙරට අතර අර්බුදකාරි තත්වයක් හටගෙන තිබෙනවා.
Post a Comment