Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යොවුන්පුරය 2019 වැඩසටහන වීරවිලදී  

Add comments

යොවුන්පුරය 2019  වැඩසටහන ලබන  මාසයේදී වීරවිලදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධ පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක යන  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත් වුනා.

යොවුන්පුරය වැඩසටහන ආරම්භ කෙරු‍ණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. මෙවර වැඩසටහන ලබන මස 27 වනදා සිට 31  වනදා දක්වා වීරවිල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. යොවුන් පුරය වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ තරුණ තරුණියන්ට ජාතික සංහියාව  හා සම්මුතිවාදය පිලිබද අවබෝධයක්  ලබාදිමයි. ඒ පිලිබද අත්දැකීම් හුවමාරු කිරීම මෙන්ම අධ්‍යාපන ක්‍රීඩා සංස්කෘතික සහ විනෝද වැඩසටහන්ද එහිදී පැවැත්වෙනවා. මතින් තොර තරුණ පරපුරක් බිහිකිරීම සදහා ඔවුන් දැනුවත් කිරීමද මෙහි ප්‍රධාන අරමුණක්. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුව පිරිසක් මේ පිලිබද කරුණු සාකච්ඡාවට එක්වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG