
මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමට විකෘති කළ දුරකථන සංවාද පට ලබා දීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
රජයේ රස පරික්‍ෂකවරයා වෙත යැවීමට නියමිත දුරකථන සංවාද අඩංගු හඩපට ඇතුළත් සීඩී තැටි සැකකරු ඉදිරියේ ලකුණු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ රස පරික්‍ෂකවරයාට අධිකරණය නියෝග කළා. වැඩිදුර මහේස්ත්‍රාත් පරික්‍ෂණය ලබන 25 වනදාට කල් තැබුණා.
Post a Comment