
දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගෙන වෙළෙදසැල්වලින් භාණ්ඩ මිලදීගත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගැණුන අතර විවිධ බැංකුවලට අයත් වීසා කාඩ්පත් 13 ක් හා ජාතික හැදුනුම්පත් දෙකක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම, දඹුල්ල හා කුලියාපිටිය යන අධිකරණවල නඩු විභාග වෙමින් පවතින සැකකරුවන් බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබෙනවා. ඔවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Post a Comment