
සියලු යාන්ත‍්‍රික කියත් ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ කාලය හෙටින්(28) අවසන් වනවා. එය ආරම්භ වුණේ පසුගිය විසි වනදා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලිකව භාවිත කරන සියලු යාන්ත‍්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානයට ගෙනැවිත් ලියාපදිංචි බලපත‍්‍රයක් ලබාගත යුතු බවයි ආරක්ෂක අමාත්‍යංශ පවසන්නේ. අනතුරුව හදුනාගැනීම සඳහා විශේෂ බලපත‍්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙනවා.
සියලු උපදෙස් පොලිස් ස්ථිානවලට ලබාදී ඇති බවයි අමාත්‍යංශය පවසන්නේ.
Post a Comment