Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංහරාජයේ සමනල් දඩයමේ ගිය විදේශිකයින් 5 දෙනෙකු කොටු  

Add comments

සිංහරාජ වනාන්තරයට ආවේණික වූ කෘමි විශේෂ 234 ක් හා සමනල් විශේෂ 50 ක් සමග විදේශිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් චෙකොස්ලෝවැකියා ජාතිකයින් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

විදේශිකයින් පස් දෙනා දින කිහිපයක් තිස්සේ සිංහරාජ වනාන්තරයට පැමිණ මෙම කෘමි හා සමනල් විශේෂ එක්රැස් කිරීම සිදුකර තිබෙනවා.

මේ සදහා විශේෂිත උපකරණ රැසක් ද ඩ්‍රෝන කැමරාවක් ද යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සිංහරාජ වනාන්තරයට යාබද නවාතැන්පොළක රැදී සිටිමින් සූක්ෂම ලෙස ඔවුන් මෙම කාර්යයේ යෙදී ඇති බව වැටලීම් කළ කලවාන අඩෙවි වන නිලධාරීන් පවසනවා.

මෙරට වනාන්තරවලින් විදේශිකයින් අල්ලාගත් විශාලතම කෘමි හා සමනල විශේෂය මෙය බවයි කලවාන අඩෙවි වන නිලධාරී ආර් එම් එල් එම් රත්නවීර මහතා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG