
සාලියවැව ප‍්‍රදේශයේදී අතුරුදන්වූ දැරිය සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකළා.
සාලියවැව පොලිසියේ නිලධාරින් ඇතුලු 200 දෙනෙකු විල්පත්තු අභය භූමිය අද (02) අලුයම සිට පරික්ෂා කර තිබෙනවා. මේවන විට අභයභූමියේ කිලෝමීටර නවයක පමණ දුරක් පොලිසිය පරික්ෂා කර ඇති බවයි සාලියවැව පොලිසියේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. ඒ නීතිවිරෝධීව සිදුකරන නිධන් වස්තු කැනීම් පැවතිය හැකි ප‍්‍රදේශ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකරමින්. පුුත්තලම,කරුවලගස්වැව -නීලබැම්ම ගම්මානයේ සිටියදී මෙම දැරිය අතුරුදන් වුයේ පසුගිය 29 වනදායි. ඇගේ වයස අවුරුදු හතරක්. දැරිය සොයා කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ කිමිදුම්කරුවන් කලාඔයේ මෙහෙයුමක් ද සිදුුකළා. කන්ඩායම් තුනක සහාය ඊට ලැබී ඇති බවයි පොලිසිය සදහන් කළේ. දැරියගේ මව , මිත්තණිය සහ තවත් පිරිමින් දෙදෙනෙකු ඇතුලු කිහිප දෙනෙකුගෙන් මේවන විට ප‍්‍රශ්න කර තිබෙනවා.
Post a Comment