
මාතර එළියකන්ද ප්‍රදේශයේදී කැස්බෑ පැටවුන් 500 ක් මුහුදට මුදාහැරීම සිදුකෙරුණා.
මිරිස්ස සමුද්‍රජීවී ඒකකයේ ස්ථාන භාර නිලධාරී රවීන්ද්‍ර කුමාර මහතාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.
එම වැඩසටහන යටතේ මේ වනවිට කැස්බෑ පැටවුන් පනස්දහසකට අධික ප්‍රමාණයක් මුදාහැරීමට කටයුතුකර තිබෙනවා. දකුණු වෙරළ කලාපය තුළ කැස්බෑවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම මෙහි අරමුණයි.
Post a Comment