Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුලියන්කුලමේ සැකකරුවන්ට රැකවරණය දුන් තවත් 6ක් අත්අඩංගුවට  

Add comments

අවි ආයුධ තොගයක් සමඟ පුලියන්කුලම ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනාට රැකවරණ හා ආධාර දුන් තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීරිගම සහ වේයන්ගොඩ ප‍්‍රදේශ වලදී. ඔවුන් ළඟ තිබි ජංගම දුරකථන 14 ක් සහ භෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් පන්සියකට ආසන්න ප‍්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. සැකකරුවන් මීරිගම , රාජගිරිය , වව්නියාව , පුලියන්කුලම සහ වේයන්ගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන්. රැඳවුම් නියෝග මත තවදුරටත් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG