Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ට  

Add comments

බංග්ලාදේශයේ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සඳුදා දිනයේ දී පමණක් බංග්ලාදේශයෙන් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3084ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 17ක් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ සමගම මෙම වසර තුළ දී එරටින් හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑදහස ඉක්මවා තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 839ක්.

අගෝස්තු මාසයේ දී ආසාදිතයින් හැත්තෑදෙදහසකට ආසන්න සංක්‍යාවක් ද මෙම මාසයේ දී 47000කට ආසන්න සංඛ්‍යාවක් ද හමුව තිබෙනවා.

අගෝස්තු මාසයේ දී මරණ 342ක් සිදුව ඇති අතර මෙම මාසයේ දී සිදු ව ඇති මරණ සංඛ්‍යාව 246ක්.

ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී බංග්ලාදේශයට ඇඳ හැළෙන මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වනවා.

 

The post බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG