Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිම්හාන සෘතුවේ ඇතිවිය හැකි ලැව්ගිනි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවදානයෙන්  

Add comments

ගිම්හාන සෘතුවේදී ඇතිවිය හැකි ලැව්ගිනි සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසනවා.

මීට වසර හතරකට පමණ පෙර ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එවැනි බරපතල තත්ත්වයක් ඇති නොවීම සදහා සියලු අංශ දැඩි අවදානයෙන් පසුවන බව ඕස්ට්‍රේලියා මාධ්‍ය නිවේදනය කරනවා.

ගිම්හාන සෘතුව තුළදී ඕස්ට්‍රේලියාවේ උෂ්නත්වය ඉහළ අගයක් ගතහැකි බවටයි කාලගුණ අංශ අනාවැකි පලකරන්නේ.

මෙම මාසයේ දී ආරම්භ වූ වසන්ත සෘතුවේදි ද සිඩ්නි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ලැව්ගිනි ඇතිවීමේ අවදානම හේතුවෙන් ඇතැම් ප්‍ර දේශයන්හි පාසල් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

The post ගිම්හාන සෘතුවේ ඇතිවිය හැකි ලැව්ගිනි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවදානයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG