Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ ඩර්නා නගරයේ නගරාධිපතිවරයාගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි  

Add comments

ලිබියාවේ ඩර්නා නගරයේ නගරාධිපතිවරයාගේ නිවස විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පසුගිය සතියේදී ලිබියාවට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ අධික වර්ෂාපතනයක් ලැබීමෙන් ඩර්නා නගරයේ වේලි දෙකක් බිඳී ගියා.

ඒ සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 4,000ට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවයි ජගත් සංවිධානය පවසන්නේ.

එමෙන්ම තවත් පුද්ගලයින් දසදහසකට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

පසුගිය සතියේ සිදුවූ අභාග්‍යසම්පන්න සිද්ධියට පිළිතුරු අවශ්‍ය බව පවසමින් විරෝධතාකරුවන් ඩර්නා නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර පසුව නගරාධිපතිවරයාගේ නිවසට පහරදී ගිනි තබා තිබෙනවා.

අන්තර්ජාල හා දුරකතන පහසුකම් ද මේ වන විට එම ප්‍රදේශයේ අක්‍රීය කර ඇති අතර මාධ්‍යවේදීන්ට ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.

 

 

 

 

The post ලිබියාවේ ඩර්නා නගරයේ නගරාධිපතිවරයාගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG