Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට එකඟතාව පල කරයි  

Add comments

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට එකඟතාව පල කළා.

ඒ සමඟ ගිවිසුමේ 69 වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වනවා.

2017 ජුලි 07 වනදා සම්මත කරන ලද නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වුණා.

එය සම්මත කිරීමට පක්ෂව ඡන්දය දුන් 122 දෙනා අතර ශ්‍රී ලංකාව ද සිටිනවා.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා වන ලියකියවිලි අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ භාර දුන්නා.

ඒ නිව්යෝර්ක්හි පැවැත්වෙන ජගත් මහාමණ්ඩල 78 වන සැසිවාරයට සමගාමීව පැවති ඉහළ මට්ටමේ උත්සවයකදීයී.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම මගින්  න්‍යෂ්ටික අවි හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවර්ධන, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය අත්පත් කර ගැනීම සන්තකයේ තබා ගැනීම හෝ ගබඩා කිරීම තහනම් වනවා.

 

 

The post ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට එකඟතාව පල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG