Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සික් නායකයාගේ ඝාතනය ගැන පරීක්ෂණවලදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන බව කැනඩාව කියයි  

Add comments

කැනඩා ජාතික සික් නායකයාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වලදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන බව කැනඩා රජය නිවේදනය කරනවා.

කැනඩා ජාතික සික් නායක හර්දීප් සිං ඝාතනය ඉන්දීය රජයේ වුවමනාවට සිදුවූවක් බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක ගැටුම් උත්සන්න වුණා.

එමෙන්ම ඊයේ දිනයේ දී ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට කැනඩා රජය පියවර ගත්තා.

ඊට ප්‍රතිචාර ලෙස කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ඉන්දියාවෙන් පිටවන ලෙස රජය දැනුම් දුන් අතර ඒ සඳහා දින 5ක කාලයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සික් නායකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය රජයේ ක්‍රියාකාරකම් ඇති බව මේ වනවිට ලැබී ඇති සාක්ෂි අනුව තහවුරු වී ඇති බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේ වුවද මෙම සියලු චෝදනා ඉන්දීය රජය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

 

 

 

The post සික් නායකයාගේ ඝාතනය ගැන පරීක්ෂණවලදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන බව කැනඩාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG