Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන ජනපති ජගත් මහා මණ්ඩල රැස්වීම අමතමින් ඉල්ලූ දේ  

Add comments

තම රටට එරෙහි රුසියා ආක්‍රමණය අවසන් කිරීමට එක් වන ලෙස යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඉල්ලා සිටිනවා.

ජගත් මහා මණ්ඩල රැස්වීම අමතමින් උද්වේගකර කතාවක් සිදු කරමින් සෙලෙන්ස්කි මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ නපුර විශ්වාස කළ නොහැකි බවයි.

සමස්ත ලෝකයම යුද්ධයක් කරා තල්ලු කිරීමටරුසියාව දරණ උත්සාහය ව්‍යර්ථ කළ යුතු බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා ලෝකයේ සෑම රටකම ආහාර මිල ගණන්වල සිට බලශක්තිය දක්වා සියල්ලේම මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු යළිත් අවධාරණය කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post යුක්‍රේන ජනපති ජගත් මහා මණ්ඩල රැස්වීම අමතමින් ඉල්ලූ දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG