
විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙලිකර නැවත පදිංචි කිරීමට එරෙහි රීට් පෙත්සමේ නියෝගය අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (27) තීරණය කළා.
ඒ එම පෙත්සම අද (27) කැදවූ අවස්ථාවේදීයි. පෙත්සම සම්බන්ධයෙන් පැමිණිලිකාර සහ වගඋත්තරකාර පාර්ශ්ව වල වාචික දේශන මේ වනවිට අවසන්කර තිබෙනවා. ඒ අනුවයි එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින ලබාදුන්නේ. විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහළිකර නැවත පදිංචිකරන බව පවසමින් ඊට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි.
Post a Comment