Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝට්ටුව නැවක හැපී අනතුරට පත් ධීවරයින් ගොඩබිමට (VIDEO)  

Add comments

දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. එම යාත්‍රාව සහ එහි ගමන් කළ ධීවරයින් අද(27) අලුයම ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරුණා.

ධීවරයින් 6 දෙනෙකු සමග මෙම යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය 23 වනදායි. පසුගිය 25 වනදා රාත්‍රියේ පොතුවිල්වලට නැගෙනහිර දෙසින් ධීවර කටයුතුවල නිරතව සිටියදී එහි නැවක් හැපී තිබෙනවා. ඉන් බහුදින ධීවර යාත්‍රාවට දැඩි හානි සිදුවූ අතර ධීවරයින් දෙදෙනෙකුට තුවාල සිදුවුණා.

වෙනත් බහුදින ධීවර යාත්‍රාවක ආධාරයෙන් එම පිරිස බේරාගෙන ගොඩබිමට රැගෙන ආවේ අද (27) අලුයම දෙකට පමණයි. සුවසැරිය ගිලන් රථයකින් ඔවුන් දෙවුන්දර ධීවර වරායේ සිට මාතර මහ රෝහල වෙත රැගෙන එනු ලැබුවා. අනතුර සිදුකළ නෞකාව පැනමා රාජ්‍යයට අයත් වූවක්. පළායමින් සිටි එම නෞකාව නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට ත්‍රිකුණාමල වරායේ නතර කර තිබෙනවා. අනතුරෙන් බහුදින ධීවර යාත්‍රාවට රුපියල් ලක්ෂ 50 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG