Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇසෑම් ප‍්‍රාන්තයේ මත්පැන් විෂවීමෙන් මියගිය සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළට  

Add comments

ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ නීති විරෝධි මත්පැන් පානය කිරිමෙන් මිය ගිය පිරිස අනුහතර දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් දෙසිය දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය අයගෙන් කිහිප දෙනෙකු කාන්තාවන්.

ප්‍රදේශයේ තේ දළු නෙලන කම්කරුවන් පිරිසක් මෙලෙස මත්පැන් විෂවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙලොස්දෙනෙකු අත්අඩංගුවට ගැනිමට ඉන්දිය පොලිසිය සමත් වුණා. මීට සතියකට පමණ පෙරද නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් සිය දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG