Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේගයෙන් ආ ලොරි රථයකින් වාහන පහකට හානි  

Add comments

පේරාදෙණිය,  ඊරියගම ප්‍රදේශයේදී ලොරි රථයක් වාහන හයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර නීතිවිරෝධී ලෙස රිය ධාවනයේ නිරතවන පුද්ගලයින් නීතියේ රැහැණට හසුකර ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ඊයේ (22) රාත්‍රියේ ක්‍රියාත්මක කෙරුණා.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පේරාදෙණිය ප්‍රදේශයේ ලොරි රථ අනතුර සිදුව තිබෙනවා. ලොරි රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගියා. එම ලොරි රථය ත්‍රී රෝද රථ තුනක, කුඩා ලොරි රථයක හා යතුරුපැදියක ගැටී තිබෙනවා. සිද්ධියෙන් කුඩා දරුවෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර බීමත්ව හා නීතිවිරෝධී ලෙස රිය ධාවනයේ නිරත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ (22) රාත්‍රි යේ ක්‍රියාත්මක කෙරුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ. පානදුර, වාද්දුව ආදී පොලිස් සිථාන ඒකාබද්ධවයි මෙම මෙහෙයුම ක්‍රියාත්ම කෙරුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG