
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන්නේ භයානක තත්වයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.
කාෂ්මීරයේ පුල්වාමා ප‍්‍රාන්තයේදී එල්ලවූ ප‍්‍රහාරයෙන් පසු එය බරපතල තත්වයකට ද පත්ව ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
ඒ ධවල මන්දිරයේ පිහිටි ඕවල් කාර්යාලයේදී සිය මාධ්‍යවේදීන් අමතමින්.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදය විසඳීමට මැදිහත්වීමට සූදානම් බවයි ඇමරිකා ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
Post a Comment