Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පහ ව්‍යාපාරික ආයතනයක පරිගණක කි‍්‍රයාකරුවෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවමක්  

Add comments

රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනයක පරිගණක කි‍්‍රයාකරුවෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින්.

එමෙන්ම දෛනික ආදායම් පිළිබඳ පරිගණක තොරතුරු වලට ප‍්‍රවේශය ලබාගැනීම නැමැති චෝදනාව යටතේ විත්තිකරුට බරපතල වැඩ සහිත තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කිරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. එය වසර 15 කට අත්හිටුවීමට ද නියම කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කෙරුණා. අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් නියම කළ ගම්පහ මහාධිකරණය එය නොගෙවන්නේ නම් වසර 10 ක සිරදඬුවමක් ද නියම කිරීමටයි තීන්දු කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG