Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයට හදිසි තත්වයක්  

Add comments

සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සුඩාන ජනාධිපතිවරයා එරට මධ්‍යම රජය විසුරුවාහැර එරට සියලු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ද තනතුරුවලින් ඉවත් කරමිනුයි මෙලෙස හදිසි නීතිය පනවා තිබෙන්නේ. ඔමාර් අල් බෂීර් රූපවාහිනිය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජාතිය අමතමින් මෙලෙස හදිසි නීතිය පැනවීමට කටයුතු කළා.

ඔහු එරට ආරක්ෂක අංශ බලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුකාරවරුන් ලෙස පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දෙසැම්බර් මාසයේ සිට සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වුණා. මේ වනවිට එම තත්ත්වය උත්සන්න වී ඇති බවද වාර්තා වනවා. සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් වසර 30 ක කාලයක් තම රට පාලනය කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG