
දිස්ත්‍රික් විසිපහේ කුඩා ගම්මාන තිස්අටදහසක් තුළ ග්‍රාම රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තුළින් ගමේ අවශ්‍යතාව හා ජනතා ගැටලු හොඳින් හඳුනාගත හැකි බවයි ඇහැලියගොඩ පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඇහැලියගොඩ ගනේගොඩ ඉදිකළ ශ්‍රි විපුලතිස්ස නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 170 වන ආදර්ශ ගම්මානය මෙයයි. උදා ගම්මානය නිවාස 31 කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 667ක්.
Post a Comment